Gossips

පුත්තලමේදී බස්වලින් කප්පම් ගන්නා හැටි CIA ඇසට හසුවෙයි

දුර ගමන් සේවා බස් රථ පුත්තලම නගරය පසුකර යාමේදී රුපියල් 100 ක මුදලක් අයකිරීමට පුත්තලම නගර සභාවේ සභාපති කේගඒග බායිස් ක්‍රියා කිරීමත් සමග බස් සේවකයන් මෙන්ම ජනතාව ද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා.
ජනතාව චෝදනා කරන්නේ මෙම මුදල් අයකිරීම හේතුවෙන් දුර ගමන් සේවා බස් රථ පුත්තලම නගර මධ්‍යයේ නතර නොකොර වෙනත් තැන්වලින් මගීන් බැස්සවීමට කටයුතු කරන බවයි.
අද සී.අයි.ඒ. අනාවරණය බස් සේවකයන්ට තර්ජනය කරමින් සිදුකරනා එම මුදල් අයකිරීම් පිළිබඳවයි.
පුත්තලම නගරය හරහා දිනකට කොළඹ – අනාරාධපුර, කොළඹ – යාපනය, කොළඹ – වව්නියා ආදී දුර ගමන් සේවා බස් රථ 140 ක් පමණ ධාවනය
කෙරෙනවා.
එම බස් රථ පුත්තලමේදී මගීන් ගැනීමට මෙන්ම බැස්වවීමට ද නවතනු ලබන්නේ පුත්තලම අධිකරණය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ඇති බස් නැවතුමේයි.
පසුගිය 14 වැනිදා සිට නගර සභාවේ සේවකයින් පුත්තලම බස් නැවතුමේ නවත්වන බස් රථවලින් රුපියල් 100 ක මුදලක් නැවතීමේ ගාස්තු ලෙස අයකිරීමට පැමිණ ඇති බව හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා.
ඒ පිළිබද සොයා බැලීමට ගිය හිරු සී.අයි.ඒ. කණ්ඩායමට දැකගත හැකි වුයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද අසල තබා ගනිමින් බස් නැවතුමේ නවතන බස් රථවලින් නැවතීමේ ගාස්තු ලෙස මෙලෙස මුදල් අය කරනා බවයි.
ලංගම බස් රථවලින් ද මෙම මුදල් අයකිරීම් සිදුකරන බවයි එහි සේවකයින් ප්‍රකාශ කළේ.