Gossips

පුත්තලමෙන් අතුරුදන් වූ දරුවන් වේල්ලවීදියෙන් හමුවේ

පුත්තලම – කිවුල තරුණ ව්‍යාපාර ගම්මානයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැදී සිටියදී ඊයේ (09) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.
ඔවුන්ගේ දෙමව්පියන් විසින් පසුගිය ඉරිදා සිට දරුවන් දෙදෙනා අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
මෙලෙස අතුරුදන්ව තිබුණේ කිවුල තරුණ ව්‍යාපාර ගම්මානයේ පදිංචි 7 ශ්‍රේණියේ සහ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඥාති දරුවන් දෙදෙනෙක්.
ඔවුන් ගමන් කර ඇති බවට පැවසෙන පාපැදියක් ද මදුරන්කුලිය නගරයේ තිබියදී සොයා ගැනුණා.
පොලීසිය සඳහන් කළේ දරුවන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.