Gossips

පුටු ගැටළුවෙන් බස්නාහිර පළාත් සභාව අදත් උණුසුම්

බස්නාහිර පළාත සභාවේ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ සභා වාරය ආරම්භ කිරිමේදී රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා පුටු ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍ර‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයක් සමගයි.
එහිදී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ අදාළ පුටු ගෙන්වීම සදහා කොපමණ මුදලක් වැය වන්නේ දැයි තමන් නොදන්නා බවයි.
ඒ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහේෂ් අල්මේදා මන්ත්‍රීවරයා ඊට විරෝධය පළ කළා.
එමෙන්ම, මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න සංජීව, මොහොමඞ් ෆායිස් සභා ගර්භය මැදට පැමිණ විරෝධය පළ කරමින් කියා සිටියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවයි.
ඒ සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාව අවස්ථා දෙකකදී මිනිත්තු 5 බැගින් කල් තැබීමට සිදුවුණා.
ඉන් අනතුරුවයි යළි සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වුණේ.