Gossips

පුටුවෙන් උණුසුම් වූ බස්නාහිර පළාත් සභාවේ, මිලියන 37ක තවත් වංචාවක්

බස්නාහිර පළාත් සභා රැස්වීම පැවැත්වෙන සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂක කැමරා සහ ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධති ස්ථාපිත කිරීමේදී රුපියල් මිලියන 37ක වංචාවක් සිදුව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
ඒ පිළිබදව අද (21) සභාව කල් තබන අවස්ථාවේදී හදිසි ප්‍රශ්නයක් ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන බවයි එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි සඳහන් කළේ.
එමෙන්ම නව බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ඒ සඳහා වැය වූ වියදම් පිළිබඳව සංඛ්‍යා ලේඛන ද අතුරුදන් වී ඇති බවටයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් හයලක්ෂ 40,000 ක් වටිනා පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීමට ටෙන්ඩර් කැඳවීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දිනවල හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණ කළා.
පසුව එය තාවකාලිකව අත්හිටුවීමටයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කළේ.