Gossips

පුටින් හමුවූ ට්‍රම්ප්ට රිපබ්ලිකන්වරුන්ගේ විරෝධය

ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීමක් සිදුනොකළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය එරට කතානායක පෝල් රයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.
ඔහු කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය හරහා ඇමරිකානු රහස් ඔත්තු සේවා හෑල්ලුවට ලක් කර ඇති බවයි.
ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීමක් සිදුකළ බවට ඇමරිකානු රහස් ඔත්තු සේවා ප්‍රකාශ කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදුවන අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුට්න් අතර ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර ඊයේ පැවති සාකච්ජාවේ මෙම කරුණු රාජ්‍ය නායකයින් දෙදෙනාම ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත් රිපබ්ලිකන් පක්ෂ කතානායක පෝල් රයන් කියා සිටියේ රුසියාව සමඟ කිසිදු මිත්‍රත්වයක් නොපැවැත්විය යුතු බවයි.