Gossips

පුටින් විරෝධීන් 1000 ක් අත්අඩංගුවට

ජනපති පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වුවද, ජනාධිපතිවරණයට සහභාගිවීමේ අවස්ථාව වළක්වාලූ, ඇලෙක්සි නවාල්නිගේ අනුගාමිකයන් 1000 කට අධික පිරිසක් ඊයේ අත්අඩංගුවට ගැනුනා.
මොස්කව් නුවර පුටින් විරෝධී උද්ඝෝෂණ මෙහෙයවූ නවාල්නි ද පුටින්ගේ ආරක්ෂක භටයන් විසින් ඔසවාගෙන ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
2000 වසරේ සිට අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා ලෙස රුසියානු නායකයා වූ ව්ලැදිමීර් පුටින් සිව්වන වරටත් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සූදානම් වනවිටයි නවාල්නි මෙම විරෝධතාව සංවිධාන කළේ.
එම විරෝධතා මොස්කව් මෙන්ම ඈත පෙරදිග සයිබීරියාවේ සහ ශාන්ත පීටර්ස්බර්ග් ඇතුලූ නගර රැසකම පවත්වා තිබෙනවා.