Gossips

පුටින් න්‍යෂ්ටික අවි ගැන කියයි

ලොව ඕනෑම ස්ථානයක සිට නිවැරදි ඉලක්කයට එල්ලකළ හැකි න්‍යෂ්ඨික ආයුධ තමන් සතු බව ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු ජනාධිපතිවරයා වෙත ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා.
ජනාධිපතිවරණයට පෙර ජාතිය අමතමින් සිදුකළ කතාවේදීයි ඔහු මේ බව සඳහන් කරන්නේ.
මේ අතර සිය කතාව තුලදී තම අවිබලය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පුටින් ප්‍රකාශ කර සිටියේ මිසයිල නාශක පද්ධතිවලට හසු නොවී න්‍යෂ්ටික අවි ගෙන යා හැකි මිස්සයිල මේ වනවිට රුසියාව සතුව පවතින බවයි.
මේ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සබ්මැරීන්වල සිට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයේ ද්‍රෝන යානා අත්හදා බලමින් සිටින බවයි.
රුසියානු ජනපතිගේ ස්ථාවරය වී ඇත්තේ ඇමෙරිකාවේ මිලිටරි වැඩසටහනට තමන් ප්‍රතිචාර දැක්විය යුතු බවයි.
එය ඔවුන් තමන් සතු න්‍යෂ්ටික අවි ආයුදවලට වඩා බලගතු අවි නිපදවීමට පෙර සිදුවිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
තම න්‍යෂ්ටික අවි පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ යුරෝපයේ හෝ ආසියාවේ ඇති කිසිදු මිසයිල ආරක්ෂණ පද්ධතියකට තමන් සතු මිසයිල නැවැත්විය නොහැකි බවයි.
රුසියානු ජනාධිපතිවරණය මාර්තු 18 වනදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර තවත් දින 17කින් පැවැත්වෙන ජනපතිවරණයේදී ඔහුට විරුද්ධව අපේක්ෂකයන් හත් දෙනෙක් තරඟ කලද ඔවුන්ගෙන් ඔහුට කිසිදු බලපෑමක් එල්ලවීමේ ඉඩකඩක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම විරුද්ධ පක්ෂයේ ප්‍රධානම අපේක්ෂකයාවන අලෙක්සේයි නවාල්නිට මැතිවරණයට තරග වැදීම තහනම් වීමත් සමඟ ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ මෙම මැතිවරණය වර්ජනය කරන ලෙසටයි.