Gossips

පුටින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

සිව් වන වරටත් රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඉදිරියේදී රුසියාව සමඟ යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීමට හැකි වනු ඇති බවට ජනපති ට්‍රම්ප් එහිදී විශ්වාසය පළ කළේ යැයි ධවල මන්දිර ප්‍රකාශිකාව මාධ්‍ය වෙත කියා සිටියා.
රුසියානු ජනාධිපති පුටින් වෙත සුබ පැතුම් එක් කරමින් ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සියල්ලන්ට සාමකාමී ලෙස රැස්වීමට සහ හඬ නැගීමට අයිතියක් ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වාසය බවයි.
ජනපති පුටින් සිව් වන වරට ජනපති ධුරයේ දිවුරුම් දීමට පෙර දින ඔහුට එරෙහිව සංවිධාන කළ විරෝධතාවලට සහභාගි වූ විපක්ෂ නායකයෙකු වන ඇලෙක්සි නවාල්නි ඇතුළු 1600කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනුණා.