Gossips

පුටින්ගෙන් ට්‍රම්ප්ට ආරාධනයක්

ඇමරිකානු සමුළුව පමා වන්නේ නම්, රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ දැන් පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගිවීම සඳහා පැමිණ සිටින ජනාධිපති පුටින් කියා සිටියේ ඇමරිකාවේ සංචාරයක් සඳහා පැමිණීමට තම කැමැත්ත හෙල්සින්කි නුවර දී ප්‍රකාශ කළ බවයි.
කෙසේ නමුත්, හෙල්සින්කි නුවර පැවති ට්‍රම්ෆ් – පුටින් සමුළුව ඇමරිකානු දේශපාලන අංශවල දැඩි විවේචනයට ලක්වුණා.
එහෙත් රුසියානු නායකයා කියා සිටියේ ජනපති ට්‍රම්ප් රුසියාව සමඟ අඛණ්ඩ සංවාදයක් සඳහා සිය අභිලාශය පෙන්නුම් කර ඇති බවයි.