සූරියවැව පොලට කෙසෙල් සහ තක්කාලි අස්වනු රැගෙන ආ ගොවීන්ට ඒවා අලෙවි කරගැනීමට නොහැකිව යළි නිවෙස් වෙත රැගෙන යාමට ඊයේ සිදුවුණා.
පොළ පැවැත්වෙන සාමාන්‍ය දිනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක වුවද පළාත්පාලන ඡන්දය හේතුවෙන් ගොවීන් ඊයේ දිනයේ අලෙවි කටයුතු සඳහා පොළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙළඳුන් පිරිසක් පොළ භූමියට නොපැමිණීම හේතුවෙන් යළි අස්වැන්න රැගෙන යාමට සිදුව තිබෙනවා.
