Gossips

පුංචි ඡන්දයේ ප්‍රතිඵල රාත්‍රී හතේ සිට

පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මෙවර පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම එදින රාත්‍රී 7 පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.
එම කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඡන්ද සළකුණු කරන මධ්‍යස්ථාන වීඩියෝ කිරීම හෝ ඡායාරූප ගත කිරීම ද සම්පූර්ණයෙන් තහනම් බවයි.