Gossips

පුංචි ඡන්දයෙන් පසු පොදුජන පෙරමුණ පසුබෑමක – කෙහෙළිය රඹුක්වැල්ල

පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.