Gossips

පුංචි ඡන්දයෙන් තේරී පත් වූ සභික නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්වෙයි

පළාත් පාලන ආයතන සදහා තේරී පත්ව ඇති සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දිස්ත්‍රික්ක 11 ක අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ මෙලෙස ප්‍රකාශයට පත් කළ බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ සභිකයින්ගේ නම් අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පසුගිය 9 වනදා මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබුණා.