Politics Sri Lanka

පුංචි ඡන්දයගැන මැකෝගෙන් වාර්තාවක්

පුංචි ඡන්දයගැන මැකෝගෙන් වාර්තාවක්

2018 පළාත් පාලන මැතිවරණයට අදාළ සමස්ථ ප‍්‍රතිඵල හා සියලු තොරතුරු ඇතුලත් වාර්තාවක් මැතිවරණ කොමිසම විසින් අද (28) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

අද දිනයේ මෙම වාර්තාව නිකුත් කළද එය අවසන් ප‍්‍රතිඵලයක් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කරයි.

මෙම වාර්තාවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු තොරතුරු ඉදිරිපත් කෙරෙන අතර පළාත් පාලන මැතිවරණයකදී අවසන් ප‍්‍රතිඵලයක් නිකුත් නොකරන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියි.