Gossips

පුංචි ආණ්ඩු ශ්‍රවණාගාරවල රැස්වේ

ලබන මස 6 වනදා සංස්ථාපනය කිරීමට නියමිත පළාත් පාලන ආයතනවල රැස්වීම් පැවැත්වීම සදහා ශ්‍රවණාගාර යොදා ගැනීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
පෙර පැවති පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව මෙවර මැතිවරණයේදී දෙගුණයක් දක්වා වැඩි වීම ඊට හේතුවයි.
කෙසේ වෙතත්, එම ආයතනවල මාසික සභා රැස්වීම ගැටලූවකින් තොරව පවත්වාගෙන යාම සදහා මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව සදහන්.
පළාත් පාලන මැතිවරණයේදී අතිරේක ලැයිස්තුවෙන් තේරී පත් වන සභිකයින්ගේ නාම ලේඛණය මාර්තු දෙවනදාට පෙර මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව එම කොමිසම ප්‍රකාශ කළා.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් දැනුම්වත් කර ඇති බවයි.