පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම තවත් සතියකින් පමණ කල් දමන ලෙසට මැතිවරණ කොමිසම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මීට පෙර එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එළඹෙන මාර්තු 06 වන දා අදාළ පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන්ගේ නාම ලේඛනය ඇතුළත් ගැසට් පත්‍රය මාර්තු මස 02 වන දා නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
එම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු විෂය භාර අමාත්‍යවරයා විසින් සභා ස්ථාපිත කරන දිනය දැනුුම් දිය යුතු වනවා.
ඒ අනුව ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක පමණ කාලයක් ගත වනු ඇති බවටයි මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ.