Gossips

පීලි පැනීමට ලක්වූ උඩරට මැණිකේ පැය 9 කින් යළි පීල්ලට

පීලි පැනීමක් හේතුවෙන් බාධා එල්ලවූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ඊයේ (09) පස්වරු 5.30 ට පමණ සිදුවූ දුම්රිය පීලිපැනීම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අද (10) අලුයම 2.30ට පමණ අවසන් වූ බවයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය පිලීපැනීමට ලක්වූයේ බණ්ඩාරවෙල හා කිණිගම දුම්රිය ස්ථාන අතර කිණිගම බිංගෙය අසලදියි.
ඒ, මාර්ගයේ පීල්ලක් කැඞී යාම හේතුවෙන්. දුම්රිය පීලිිපැනීමෙන් මාර්ගයේ සිල්පර කොට 75 කට ආසන්න සංඛ්‍යාවකට දැඩි හානි සිදුව තිබෙනවා.
අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.