මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රියේ කෝන්වැව ආසන්නයේදී පීලිපැනීමකට ලක්ව තිබෙනවා. 
ඒ  හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණහිට ඇති බවයි පාලක මැදිරිය සදහන් කළේ. 
දුම්රිය මැදිරි 3 ක් මෙලෙස පීලිපැනීමට ලක්ව තිබෙනවා. 
මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.



