කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු පාලම අසළදී අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි.
