Gossips

පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ ඊයේ (26) රාත්‍රී බදුල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණි තැපැල් දුම්රිය අද (27) අලූයම උලපනේ දුම්රිය ස්ථානය අසලදී පීලිපැනීමකට ලක්වීම හේතුවෙන්.
මේ වනවිට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.