Gossips

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස්

නිරිතදිග බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් බවට පත්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පේතායි ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව අද අලූයම වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර 465 ක් පමණ නැගෙනහිරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පැවතුණා.
මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර සුළං ඇතිවිය හැකියි.
ඒ අනුව හෙට දිනය දක්වා පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබාදෙන්නේ.