Gossips

පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට

පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ කෙසේ වෙතත් අද (14) දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකි බවයි.