Gossips

පිළිස්සුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් මාවනැල්ල නගරයෙන් හමුවෙයි

මාවනැල්ල නගරයේ පිළිස්සුම් තුවාල සහිතව මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (07) සොයාගෙන තිබෙනවා.
නගරවාසීන්ගෙන් ලද තොරතුරක් මතයි අදාළ මළ සිරුර සොයාගෙන ඇත්තේ.
වයස අවුරුදු 65ක් පමණ වන අදාළ කාන්තාව අංක 270, රත්නායක හෝටලය පිටුපස, මවනැල්ල ලිපිනයේ පදිංචිව සිටි තමරා දමයන්ති නැමැති තැනැත්තිය බවට හඳුනාගෙන තිබෙනවා.
සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) දින සිදුකිරීමට නියමිත අතර මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.