Gossips

පිළියන්දල අසරණ මව

තම දරු දෙදෙනාගේ ස්නායු රෝග තත්ත්වයක් හේතුවෙන් අසරණ වූ මවක් පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට පිළියන්දල සුවාරපොළ – ගඟබඩ පාරේ – පළමු පටුමගේ වාර්තාවුණා.
මෙම මවගේ දරුවන් තුන්දෙනාගෙන් දෙදෙනෙකු මේ වනවිටත් අදාළ රෝග තත්ත්වය හේතුවෙන් එක්තැන්වී ජීවිතය ගත කරනවා.
ඇයගේ එකම බලාපොරොත්තුව තම දරු දෙදෙනා හැකි ඉක්මණින් සුව කරගැනීමයි.
රමණි පුෂ්පලතා නම් ඇය රෝගී දරුවන් සමඟ දහදුක් විඳින්නේ ඇගේ සැමියාද පවුල අතහැර ගොස් තිබීම හේතුවෙන්.
සැබෑ මිනිසුන් වන සැමට, ඔවුන්ට ශක්තියක් වන්නට හැකියාව පවතින බව මේ පුන් පොහෝදින සිහිපත් කළ යුතුයි.