Gossips

පිළියන්දල අනතුරකින් එක් අයෙකු මරුට – 3කට තුවාල

පිළියන්දල – විකල්ප මාර්ගයේ කොට්ටාව දෙසට හැරෙන ආලෝක සංඥාව අසළදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා 47 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලැබූ තිදෙනා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මිරිස්වත්ත සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ කැස්බෑව සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් අද අලූයම එකිනෙක ගැටී ඇති අතර, තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ පිරිසයි.