පිළියන්දල ප්‍රදේශයේදී අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 32 කු අත්අඩංගුවට ගෙන ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අවස්ථාවේ ඔවුන් රැගෙන යාමට පැමිණි බස් රථය අවහිර කරමින් විරෝධය පළ කළ කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 17 කු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 32 ඇප මත නිදහස් කෙරුණා.
