Gossips

පිළියන්දලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

පිළියන්දල – මාවිත්තර ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
අද (07) පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම කාන්තාවගේ ගෙළ කපා ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම කාන්තාව නිවසේ තනිව සිටින අතර, 54 හැවිරිදි මෙම කාන්තාවගේ පුත්‍රයා විදේශගතව සිටිනවා.
ඇය ද මාසයක පමණ කාලයක් විදේශ ගතව සිට ඊයේ (06) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.