Gossips

පිළියන්දලදී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කර ගනි

පිලියන්දල – කහපොල ප්‍රදේශයේදී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවයේ නිරත ඇය මාතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.
අද පෙරවරුවේ අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසමින් ඇය සිය කුලී නිවස තුල සිට ඇති අතර අසල්වාසි කාන්තාවක් එම නිවසේ ගිනි ඇවිලෙන ආකාරය දැක එහි ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව ප්‍රදේශවාසීන් එක්ව එම නිවසේ දොර අගුළු කඩා ඇතුළු වී ඇති අතර ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.
ගිනි තබාගෙන ඇය සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.