Gossips

පිළියන්දලදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පිළියන්දල – මාවිත්තර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්තිඩිය ප්‍රදේශයේදී ඊයේ මෙම සැකකරු පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු ඝාතන සිද්ධීන් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය සහ අදාළ කාන්තාවගෙන් කොල්ලකන ලද රන් භාණ්ඩ අලෙවි කළ පත්‍රිකාද සැකකරු සතුව තිබියදී පොලිස් භාරයට ගනු ලැබුවා.
පසුව එම රන් භාණ්ඩ මිලදී ගත් 57 හැවිරිදි කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.