Gossips

පිළිකා රෝහලේ ඖෂධ හිඟයක්

මහරගම පිළිකා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව වාර්තා වනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රෝගීන් කිහිපදෙනෙකු කියා සිටියේ පසුගිය සතිය තුළ තමන්ට රෝහලෙන් ඖෂධ ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වූ බවයි.
මෙලෙස හිඟව පවතින්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ආනයනය කරන ඖෂධ කිහිපයක් වන අතර, අලූත් අවුරුදු නිවාඩුව හේතුවෙන් අදාළ ඖෂධ ගෙන්වා ගැනීමේ ප්‍රමාදයක් සිදුවූ බව අප කළ විමසීමකදී මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ‍්‍රඩ් කුමාරසිංහ සඳහන් කළේ.
මේ සතිය තුළ එම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.