Gossips

පිළිකා ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල

පිළිකා ඖෂධ 10 ක් ඇතුලු තවත් ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.
බෝනොවන රෝග පිළිබද කවුන්සිලය රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ඖෂධ ආනයනය කිරිම සදහා වසරකට රජය රුපියල් බිලියන 07 කට අධික මුදලක් වැය කරන බවයි.
පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජයට රුපියල් බිලියන 02 ක පමණ මුදලක් ඉතිරිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
යහ පාලන රජය බලයට පත්වන රුපියල් දෙලක්ෂ අසූදාහකට අලෙවි වු පිළිකා ඖෂධය අද වන විට රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු වී ඇති බවයි ඔහු කියාසිටියේ.