Gossips

පිළිකා ඖෂධ ගෙන්වීමේදී බිලියන 3.8 ක වංචාවක්

මහරගම පිළිකා රෝහලේ පිළිකා නාශක බෙහෙත් වර්ග දෙකක් ගෙන්වීමේදී රුපියල් බිලියන 3.8 ක වංචාවක් සිදුව ඇති බවට පැවසෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය විසිනුයි ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවට එරෙහිව මෙම කොමිසන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඊයේ දිනයේදීත් එහි සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
එහිදී අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
මීට අමතරව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ දූෂණයක් පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
එමඟින් ඔවුන් දැනුම් දී ඇත්තේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සිය බිරිඳට, දියණියට සහ ඥාතීන්ට හන්තාන ප්‍රදේශයෙන් නීති අණපනත් උල්ලංඝනය කරමින් ඉඩම් ලබාදී ඇති බවයි.
ඒ පිළිබඳවද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.