Gossips

පිහි ඇනුමකින් එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු මරුට

එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු දරුණු පිහි ඇනුමකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රවී කතකමාර් නමැති 54 හැවිදිරි පුද්ගලයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඔහු එරට 'පිනර්' ප්‍රදේශයේ සිල්ලර භාණ්ඩ වෙළඳසැලක් පවත්වාගෙනගොස් තිබෙනවා.
පසුගිය ඉරිදා දින උදෑසන 6.30ට පමණ ඔහු සිය වෙළඳසැල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇත්තේ.
එරට පොලිසිය සැකපළකරන්නේ මංකොල්ලකරුවෙක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.
එම ප්‍රදේශය පුරා ජනප්‍රිය චරිතයක් වූ රවී කතකමාර් වයඹ දිග ලන්ඩනයේ පුවත්පත් නියෝජිතවරයෙකු ලෙසද ක්‍රියාකර තිබෙනවා.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට එරට පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර එදින සිදුවූ තවත් පිහිඇනුම් කිහිපයක් පිලිබඳව එරට ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබෙනවා.
එරට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් කඩිනමින් ඒ පිළිබඳව ආරක්ෂක අංශ දනුවන් කරන ලෙසයි.
මේ අතර මියයාමට මොහොතකට පෙර කතකමාර් මාර්ගයේ ගමන්කරන අයුරු ඒ අසළ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.