Gossips

පිහිනුම් ශුරයා වෙනුවෙන් ඉන්දුනීසියාවට ගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍ර

අකලංක පීරිස් නම් නැගී එන පිහිනුම් ක්‍රීඩකයා පිළිබඳ හිරු දිනන ළමයි විශේෂාංගය තුලින් මීට වසර 5කට පෙර හඳුන්වා දුන්නේ රටට කීර්තියක් දිනා දෙන්නට ඔහු සතු හැකියාව පිලිබඳ පෙර නිමිති දක්වමින්.
එය යතාර්ථයක් බවට පත් කරමින් අද වන විට ශ්‍රී ලංකා වාර්තා තුනකට හිමිකම් කියන ඔහු මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට ද සුදුසුකම් ලබා සිටිනවා.
නමුත් ඔහුට එම තරගවලියට සහභාගී වීම සඳහා මුහුණදීමට සිදුවූ ප්‍රධාන බාධකය තරඟාවලිය පැවැත්වෙන කාලය තුළම යෙදී ඇති උසස් පෙළ විභාගයයි.
ජාතික ඔලිම්පික් කමිටුව හරහා අධ්‍යාපන අමාත්‍යවරයා දක්වාම යොමු වුනු මෙම ගැටලුව අවසන් වුණේ ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ සිට උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 3කට පිළිතුරු ලිවීම සඳහා අකලංකට අවස්ථාව හිමිකර දෙමින්.