Gossips

පිස්තෝල සහ රිවෝල්වර බලපත්‍ර අහෝසි කෙරේ

ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසනවා.
එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා සිට ක්‍රියාත්මක කරන බවයි කොළඹ නාලන්ද විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.