Gossips

පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් 5 ක් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (06) අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව – අඟුලාන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු අද (07) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.