විදෙස් රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ යුද හමුදා අරක්කැමියෙකු සහ යුද හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හංවැල්ල – ජල්තර රාජ්‍ය සේවක නිවාසපුරයට ගමන් ගන්නා මාර්ගයේදි මොවුන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 55 හැවිරිදි යුද හමුදා අරක්කැමියා රනාළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 50 හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
