Gossips

පිවිතුරු හෙළ උරුමය සී.අයි.ඩී.යට

වෙනස් කළ හැන්සාඩ් වාර්තාවක් නිකුත් කළ බවට පවසමින් කථානායකවරයාට එරෙහිව පිවිතුරු හෙළ උරුමය සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා, එහි නියෝජිතයන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ කථානායකවරයා ඊට අදාළව කූඨ ලෙස සකස් කළ හැන්සාඞ් වාර්තාවක් නිකුත් කළ බවට චෝදනා කරමින්, පිවිතුරු හෙළ උරුමය නොවැම්බර් 27 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කළේ කොළඹ වංචා විමර්ශන ඒකකයටයි.
එය වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.