හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සොයාදෙන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ තරුණ පෙරමුණ නියෝජනය කරන විජයබා පරපුර අද අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ගොනුකළා.
ප්රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් පිළිබඳ නිවැරදි තොරතරු අනාවරණ කරදෙන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ගොනු කිරීම සදහා පිවිතුරු හෙළ උරුමයේ තරුණ පෙරමුණ වන විජයබා පරපුර අද පෙරවරු 11.30ට පමණ අතුරුදන්වූවන්ගේ කොමිසම වෙත පැමිණියා.
