Gossips

පිවිතුරු හෙළ උරුමයට මිරිජ්ජවිල තෙල් පිරිපහදුව ගැන සැකයක්

හම්බන්තොට – මිරිජ්ජවිල තෙල් පිරිපහදු කර්මාන්තශාලාවේ මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වූ ඕමාන ඛනිජ තෙල් අමාත්‍යවරයා එම ව්‍යාපාතිය සඳහා තම රජයේ දායකත්වයක් ලබා දෙන බවක් එහිදී සඳහන් නොකළ බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් සංවර්ධන උපායමාර්ය හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එම ව්‍යාපෘතියට පරිසර වාර්තාවක් ලබාගෙන ඇති බවයි.
ඕමාන රජය එම ව්‍යාපෘතියට එක්වීම සම්බන්ධයෙන් විපක්ෂය සිදුකරන චෝදනා අසත්‍ය බවයි.

rn