Gossips

පිලිපීන සුළි සුළඟින් 32ක් වැළලෙයි

පිලිපීනයට හැමූ මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයෙන් පසු නාය යාමකින් වැලළුණු පුද්ගලයන් තිස් දෙදෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා පතල් කැණීම් සිදුකරන ඉටොගොන් නගරයේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
සුළි සුළඟින් පිලිපීන ප්‍රධාන දිවයිනේ ජීවිත හානි සංඛ්‍යාව 60 ඉක්ම වනවා.
පිලිපීනයේ සිට හොංකොං දිවයිනේ විශාල විනාශයක් සිදුකළ මැන්කුට් සුළි සුළඟ මේ වන විට දකුණුදිග චීනයේ ගුවන්ඩොන් ප්‍රදේශයට ළඟා වී ඇති බව සඳහන්.