Gossips

පිලිපීන සංචාරය නිමවා ජනපති දිවයිනට

පිලිපීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ රාත්‍රී 11.40 ට පමණ යළි දිවයිනට පැමිණියා.
ඒ, සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන්.
ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරයේදී දෙරට අතර ආර්ථික සහ දේශපාලන සබඳතා ශක්තිමත් වන සාකච්ඡා කිහිපයක් මෙන්ම ගිවිසුම් ගණනාවකටම අත්සන් තැබුණා.
පිලිපීන ජනාධීපති රොද්‍රිගෝ ඩුටර්ටි සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවති හමුවේදී පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කළේ කෘෂිකාර්මික, තාක්ෂණික අධ්‍යාපන සහ සංචාරක මෙන්ම ගුවන්සේවා සහ ආපදා කළමනාකරණ කටයුතුවලදීද උපරිම සහයෝගය ලබාදීමට සූදානම් බවයි.
එම එකඟතාවන් පදනම් කරගනිමින් ආර්ථික, සංචාරක කෘෂිකර්ම සහ අධ්‍යාපන සහයෝගීතාව ඉහළ නැංවීමේ ගිවිසුම් පහකටද මෙහිදී අත්සන් තැබීම සිදුවීම විශේෂත්වයක්.
ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරයේ තවත් විශේෂතම කාරණයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීනයේ සහය පළවීමයි.
ඒ අනුව මෙරටට ලබාදිය හැකි තාක්ෂණ උපදේශන සේවාවන් පිළිබඳව සොයා බැලීමට විශේෂඥ කණ්ඩායමක් පැමිණීමටද එකඟතාව පළවුණා.