Gossips

පිලිපීන කතානායකවරියගේ සහය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක සියළු වැඩසටහන්වලට පිලිපීන පාර්ලිමේන්තුවේ උපරිම සහය ලබාදෙන බව එරට කතානායකවරිය ප්‍රකාශ කර තිබෙනවා.
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට කතානායකවරිය අතර හමුවක් ඊයේ මැනිලා නුවරදී පැවැත්වුණා.
එම හමුවට පිලිපීන හිටපු ජනාධිපතිනියද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
දෙරටේ සබඳතා පුළුල්ව ඉදිරියට ගෙන යෑමට පිලිපීන තානාපති කාර්යාලයක් කොළඹ ස්ථාපිත කිරීමට දෙරටේ ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවේදී එකඟත්වය පළ වුණා.
ඒ පිළිබදව ද පිලිපීන කතානායකවරියට එහිදී ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.
එම හමුවෙන් අනතුරුව පිලිපීන පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපතිනිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.