පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පෞද්ගලික ප්රවාහන ගුවන් සේවාවකට අයත් ඇපාචි වර්ගයේ ගුවන් යානයේ ගමන් ගත් පස්දෙනෙකු සහ නිවසේ සිටි පස්දෙනෙකු මෙහිදී මියගොස් ඇති බව සඳහන්.
නිවසේ සිටි ළමයින් තුන්දෙනෙකු, ඔවුන්ගේ මව සහ මිත්තණිය ඊයේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් තිබෙනවා.
අනතුරෙන් පසු අදාළ ගුවන් සේවයට අයත් සියලූම යානාවල ගුවන් ගමන් අත්හිටුවා ඇති බව සඳහන්.