Gossips

පිය සෙනෙහසින් දිවි බේරුණු දරුවෝ

මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක හට ගත් ගින්නෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කර සිටි එකම පවුලේ කුඩා ළමුන් තිදෙනා අද (09) ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
මෙම ගින්න හටගත්තේ ඊයේ (08) පෙරවරුවෙයි.
ඔවුන් සියලුදෙනා ඇතුලත් කෙරුනේ මහනුවර මහ රෝහලටයි.
කෙසේ නමුත් වෙළෙඳ සංකීර්ණයේ ඉහල මහලේ පවුලක් පදිංචිව සිට ඇති අතර ඔවුන්ගේ ජිවිතවලට කිසිදු හානියක් සිදුනොවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.