යාපනය – වඩමාරච්චි – කරනවායි ප්‍රදේශයේදී 52 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 32 හැවිරිදි පුත්‍රයා විදුලිසැර වැදීමෙන් අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රූපවාහිනි ඇන්ටනාවේ දිශාව වෙනස් කර වයරය සවි කිරීමට යාමේදී මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි නෙල්ලිඅඩි පොලීසිය සදහන් කළේ.
මුලින් 29 හැවිරිදි පුත්‍රයාට විදුලිසැර වැදී ඇති අතර, පසුව ඔහු බේරා ගැනීමට ගිය 50 හැවිරිදි පියාට විදුලිසැර වැදී ඇති බව පොලීසිය සදහන් කළා.
ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක
