පන්නල – උඩුගම ප්‍රදේශයේදී පියෙකු ඝාතනය කළ 35 හැවිරිදි පුත්‍රයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තියුණු ආයුධයකින් පහරදී ඊයේ සැකකරු විසින් තම පියා ඝාතනය කර තිබුණේ ඔහු ජීවත්ව සිටි නිවස තුළදියි.
සැකකරු බීමතින් පැමිණ මියගිය පියාගෙන් එම ඉඩමේ හිමිකාරීත්වය ඉල්ලා ඇති අතර, එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පන්නල පොලීසිය සඳහන් කළේ.
