Gossips

පියා ඝාතනය කළ පුතුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට (ඡායාරූප)

පසුගිය 28 වනදා රඹුක්කන බොල්ගොඩ ඇලේ තිබී සොයාගත් සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සිද්ධිය සම්බන්ධන්යෙන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරගම පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගොස් සිටි පුද්ගලයාගේ පුතුන් දෙදෙනා බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර පුතුන් දෙදෙනා 22 සහ 28 යන වයස් සීමාවල පසුවන්නන් වන අතර පොලිසිය සඳහන් කරන්නේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඔවුන් දෙදෙනා එක්ව සිය පියා ඝාතනය කිරීමෙන් අනතුරුව පියාගේ සිරුර ඇලට දමා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්.
ඊයේ (06) දින අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද (07) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.