Gossips

පියාට අමතක වූ දියණිය

පියෙකුගේ අධික බීමත්කම හේතුවෙන් කුඩා දියණිය මහමග අතරමංවූ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (06) පස්වරුවේ ඇල්පිටිය බස්නැවතුම්පොළ අසල වෙළඳසැලක් ඉදිරිපිට 3 හැවිරිදි දැරියක් මෙලෙස අතරමංව ඇත්තේ.
පසුව එම වෙළඳසැලේ හිමිකාරිණිය විසින් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.
පසුව පොලිසිය සිදුකළ විමර්ශන වලදී දැරිය ගැවසුණු ස්ථානයේ සවිකර ඇති CCTV කැමරා පරීක්ෂා කිරීමේදී ඇය සිය පියා සමඟ වෙළඳසලට පැමිණෙන අයුරු දැක තිබෙනවා.
එහිදී දැරියගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ රෝහල්ගතකර සිටින තම මව බැලීමට සිය පියා සමඟ පැමිණි බවත් එම ස්ථානයේ දී තමන්ට පියා මගහැරුණු බවත්ය.
අනතුරුව තම මීළඟ දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගතකර සිටි මව සොයා පොලිසිය දැරිය භාරදී තිබෙනවා.
පොලිසිය පවසන්නේ දැරියගේ පියා එම අවස්ථාවේ බීමතින් සිටීම හේතුවෙන් දියණිය මගහැරෙන්නට ඇති බවයි.
ඒ අනුව අදාළ පියාට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
අදාළ සිදුවීම එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.