Gossips

පියාගේ පහරින් පුතු මියයයි

බීමත්ව දිනපතා පැමිණ තමන්ට සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකිව 72 හැවිරිදි පියා විසින් 37 හැවිරිදි පුතාව නිවස තුලදිම පොල්ලකින් පහරදි ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පියා සහ මරණකරුගේ බෑනා කෙනෙකු සැකපිට ඊයේ (08) රාත්‍රි අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා.
මෙසේ පහරදි ඝාතනය කර ඇත්තේ බගවන්තලාව බොගවනා වතුයායේ පදිංචි ආරුමුගන් සිවසුරියන් නමැති දෙදරු පියෙක්.
ඊයේ (08)රාත්‍රි 8.00 ට පමණ ඔහු පදිංචිව සිටි නිවස තුලදී තම නිවසේ දොර අගුලන දොර පොල්ලෙන් හිසට පහරදි ඝාතනය කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මරණකරු දිනපතා මත්පැන් පානය කර නිවසට පැමිණ තමන්ටත් තමන්ගේ බිරිදටත් දිනපතා පහර දී හිරිහැර සිදුරන බවත් තම පුතාගේ බිරිද මීට වසර ගණනකට ප්‍රථම වෙන් වී ජිවත් වන බවත් සඳහන්.
ඊයේ (08) රාත්‍රි තම බිරිදට පහරදිමට උත්සහ කළ නිසා දිනපතා තම පුතා විසින් සිදුකරන හිරිහැර ඉවසාගත නොහැකිව දොර පොල්ලෙන් පහරදි පුතාව ඝාතනය කළ බව පියා විසින් බගවන්තලාව පොලිසියට පාපොචිචාරණයක්ද කර තිබෙනවා.
මෙම ඝාතනයට සම්බන්ධව සැකපිට මරණකරුගේ බෑනා කෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු බගවන්තලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.